උබුන්ටු වල අකුරු තියෙන තැන් කලු වෙනවද?

6 comments

මම මේ බොහොම අමාරුවෙන් නෙට් බුක් එකට උබුන්ටු දාගත්තා...PXE Netboot එකක් කරලා...දාලා බැලින්නම් සමහර තැන් වල අකුරු කලු පාට කොටු කොටු වෙලා...මටත් හිතා ගන්න බැරිඋනා මොකක්ද අවුල කියලා;මොකද මේකේම WinXP වල කිසි අවුලක් නෑ...(Original ආවෙත් ඒක..තාම Original Sticker එක යස අගෙත තියෙනවා ;) )



මොනවා කරන්නද කියලා බල බල ඉද්දී ශාකුන්තල අයියා කීවා jauty-proposed repository එකෙන් යාවත්කාලීන කරන්න කියලා...ඒත් ඒක හරිගියේ නෑ..

පස්සේ මත නිකමට හිතුනා font rendering පොඩ්ඩක් අතපත ගාලා බලන්න කියලා..
System->Preferences->Appearance වල Fonts

ඒකේ Subpixal Smoothing(LCD) අයින් කරාම හරිගියා...ඔයාලගෙත් මේ ලෙඩේ තියෙනවනම් මෙහෙම කරලා බලන්න... :)

ඡායාරූප ගොඩක් එකපාර Resize කරමු.......

1 comments

අපිට සමහර වෙලාවට ඡායාරූප ගොඩක් එකපාර Resize කරන්න වෙනවා..ඒ වෙලාවට GIMP,Photoshop වගේ වැඩසටහනක් යොදාගන්නවට වඩා ලේසියි මේ සදහාම සැකසුණු වැඩසටහනක් තියෙනවනම් :)
මේ සදහා භාවිතා කරන්න පුලුවන් වැඩසටහනක් තමා Fotosizer කියන්නෙ...

මෙතැනින් බාගන්න... http://www.fotosizer.com/

ලිනක්ස් සදහා BlueSoleil

0 comments

කට්ටියම දන්නවානේ BlueSoleil ගැන,ගොඩක් වෙලාවට වින්ඩෝස් වලදී bluetooth dongle පාවිච්චි කරන්න මේක තමයි යොදාගන්නේ...හරිම පහසු වැඩසටහනක්....ඒත් මගේ නම් තාම bluetooth PAN වැඩේ නම හරිගියේ නෑ...
දැන් ලිනක්ස් සදහාත් මේ වැඩසටහනේ අනුවාදනයක් එලිදක්වලා...ලිනක්ස් වල කොහොමත් bluetooth සදහා සහාය හොදයි නේ..මේ වැඩසටහන භාවිතයෙන් තවත් පහසුවෙන් වැඩකරගන්න පුලුවන්...


මෙන්න වැඩි විස්තර සහ භාගත කිරීමට:

Network එක හරහා වෙනත් පරිගනකයකට OS එකක් boot කරමු... ~ 1 කොටස

9 comments

අපි ගාව සමහර විට හාඩ් ඩිස්ක් එකක් නැති පරිගනකයක තියෙන්න පුලුවන්,නැත්නම් හාඩ් එකට OS එකක් දාගන්න CDROM එකක් නැති වෙන්න පුලුවන්...
නැත්නම් හදිසියේ හිස් CD එකක් නැතිවෙන්නත් පුලුවන්...
ඒ වගේ වෙලාවක කරන්න පුලුවන් හොදම විසදුම තමා network එක හරහා වෙනත් පරිගනකයකින් OS එකක් boot කිරීම හෝ install කරගැනීම

අද අපි ඕනෑම බූට් ඩ්ස්ක් එකක් මේ ආකාරයට බූට් කරන හැට් බලමු...වෙනත් ලිපියකින් අනෙක් මාතෘකා සාකච්ඡා කරන්නයි මගේ බලාපොරොත්තුව...

මම මේ සදහා සේවරය ලෙස භාවිතාකරන පරිගනකයේ පිහිටුවා තියෙන්නෙ Ubuntu 9.04, සෑම උබුන්ටු වෙලුමකදීම මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්.....වෙනත් ලිනක්ස් වෙලුම් සදහා මීට සමාන පියවර අනුගමනය කරන්න....

මුලින්ම අපිට DHCP සේවරයක් පිහිටුවාගන්න වෙනවා...මෙමගින් අනෙක් පරිගනක සම්බන්ධ වීමේදී IP Address ලබාදීම සිදුවෙන්නෙ...(මෙහිදී ඔබේ ජාලයේ අනෙකුත් DHCP සේවර ක්‍රියාවිරහිත කිරීම නුවණට හුරුයි)

apt-get install dhcp3-server

ඊට පස්සෙ /etc/dhcp3/dhcpd.conf ගොනුවට පහත පේලි ටික අදාල පරිදි එකතු කරන්න(DHCP පලමු වතාවට භාවිතාකරන්නෙක් නම් මේ ටික විතරක් දැම්මනම් හරි)..ඔබේ ජාලයට අවශ්‍ය පරිදි වෙනස් කරන්න

ddns-update-style none; subnet 192.168.1.0 netmask 255.255.255.0
{
range 192.168.1.100 192.168.1.200;
filename "pxelinux.0";
}

ඉන්පසු DHCP සේවරය ක්‍රියාත්මක කරන්න....

sudo /etc/init.d/dhcp3-server restart

දැන් අපි TFTP සේවරයක් පිහිටුවා ගන්න ඕනි...TFTP කියන්නෙ FTP වගේම protocol එකක්..නමුත් මෙහිදී authentication එකක් සිදුවන්නෙ නෑ...(ඒ කියන්නෙ Username/Password ලබා දුන්නොත් පමණක් ගොනු වලට පිවිසීමක් කරන්න පහසුකමක් නෑ)

apt-get install tftpd-hpa

දැන් /var/lib/tftpboot/ ෆෝල්ඩරයට(නැත්නම් සාදා) මෙම ගොනු දමන්න...

1)http://archive.ubuntu.com/ubuntu/dists/intrepid/main/installer-i386/current/images/netboot/pxelinux.0 මගින් භාගත කරගත් pxelinux.0(මෙය බූට් ලෝඩරයකි)
2)http://www.sendspace.com/file/tit7gt මගින් භාගත කරගත් memdisk (කර්නලයකි)
මෙය http://syslinux.zytor.com/ ලිපිනයෙන් ද වෙනත් ගොනු ගණනාවක් සමගද භාගත හැක.
3)http://www.fdos.org/bootdisks/autogen/FDPRSZR.144.gz මෙම ගොනුව බාගත කර gunzip FDPRSZR.144.gz විධානය ලබාදී unzip කරගත් FDPRSZR.144 ගොනුව
4)මෙම ෆෝල්ඩරය තුල pxelinux.cfg ලෙස තවත් ෆෝල්ඩරයක් සදා එහි default ලෙස ගොනුවක් සාදා පහත පේලි ටික copy-paste කර save කරන්න.

DEFAULT net
PROMPT 0

LABEL net
KERNEL memdisk
APPEND initrd=FDPRSZR.144

දැන් /var/lib/tftpboot/ ෆෝල්ඩරයේ පහත ගොනු හා ෆෝල්ඩර තිබිය යුතුය...

FDPRSZR.144 memdisk pxelinux.0 pxelinux.cfg

මෙහිදී FDPRSZR.144 ගොනුව වෙනුවට ඕනෑම disk image බාවිත කිරීමට හැකි අතර default ගෙනුවේ අදාල වෙනස්කම කරන්න.
FDPRSZR.144 යනු FreeDOS Floppy Disk Image එකයි..

දැන් අනෙක් බූට් කර යුතු පරිගනකය වෙත් ගොස් BIOS වලදී 1st boot device=Network ලබාදෙන්න.
On Board network card එකක් ඇත්නම් Network boot rom=Enable ලෙස සකසන්න.

සියලු පියවරල් නිසි පරිදි සිදුකරේ නම් දැන් ඔබේ පරිගනකය පනගැන්වූ පසු FreeDOS Floppy Disk එකකින් බූට් කරන පරිදිම බූට් විය යුතුය....මේ ආකාරයට උබුන්ටු පිහිටුවන ආකාරය මීලග ලිපියකින් බලාපොරොත්තු වන්න...

ජංගම දුරකතන සදහා Skype ...........

1 comments

අලුත් ආරංචියක් කියන්න තියෙනවා..අලුත් කිව්වට මේක පරණද දන්නෑ....

ජංගම දුරකතන සදහා Skype version එකක් එළි දක්වලා...මම කියන්නෙ J2me සදහාත්...
මම උත්සාහ කරල බැලුවා එකම අවුල PC2PC Calls ගන්න බැරි එක පරිගනකයේදී වගේ....මොනවා කරන්න ද දුක තමා..
gtalk වලින් ජංගම දුරකතන වලිනූත් PC2PC Calls ඇමතුම් ගන්න පුලුවන් (හැබැයි Symbian)....

ඒ සදහා මේක යොදාගන්න පුලුවන් ...



මෙතැනින් Skype භාගත කර ගන්න පුලුවනි...

වීඩියෝ mkv බවට පරිවර්තනය

0 comments

කවුරුත් දන්න media container එකක් තමා mkv කියන්නෙ.ඒ කියන්නෙ Matroska

විවිධ විඩියෝ ප්‍රභේද මේ බවට පරිවර්තනය කරන්න පුලුවන් හොද වැඩසටහනක් තමා AutoMKV කියන්නේ.මෙහි 0.98.4 වැනි නිකුතුව දැන් භාගත කර ගන්න පුලුවන්....


මෙය නොමිලේ ලබා දෙන වැඩසටනක් වීමත් සතුටට කරුණක්.....




Sony Ericsson K750 මස් කිරීම......

6 comments

මේ තියෙන්නෙ බාගෙට මස් කරපු Sony Ericsson K750 ජංගම දුරකතනයක්....
මීට අමතරව මෙය W800 Firmware එක දමා W800 බවට පත් කර තිබේ,,,
නමුත් K750 හි අගනා කැමර්‍රාව ඒ ආකාරයෙනම භාවිතා කිරීමට modded k750 camera driver එකක් දමා තිබේ.
මෙය මාගේ හා මගේ මිතුරෙකුගේ පරීක්ෂණයකි