Network එක හරහා වෙනත් පරිගනකයකට OS එකක් boot කරමු... ~ 1 කොටස

අපි ගාව සමහර විට හාඩ් ඩිස්ක් එකක් නැති පරිගනකයක තියෙන්න පුලුවන්,නැත්නම් හාඩ් එකට OS එකක් දාගන්න CDROM එකක් නැති වෙන්න පුලුවන්...
නැත්නම් හදිසියේ හිස් CD එකක් නැතිවෙන්නත් පුලුවන්...
ඒ වගේ වෙලාවක කරන්න පුලුවන් හොදම විසදුම තමා network එක හරහා වෙනත් පරිගනකයකින් OS එකක් boot කිරීම හෝ install කරගැනීම

අද අපි ඕනෑම බූට් ඩ්ස්ක් එකක් මේ ආකාරයට බූට් කරන හැට් බලමු...වෙනත් ලිපියකින් අනෙක් මාතෘකා සාකච්ඡා කරන්නයි මගේ බලාපොරොත්තුව...

මම මේ සදහා සේවරය ලෙස භාවිතාකරන පරිගනකයේ පිහිටුවා තියෙන්නෙ Ubuntu 9.04, සෑම උබුන්ටු වෙලුමකදීම මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්.....වෙනත් ලිනක්ස් වෙලුම් සදහා මීට සමාන පියවර අනුගමනය කරන්න....

මුලින්ම අපිට DHCP සේවරයක් පිහිටුවාගන්න වෙනවා...මෙමගින් අනෙක් පරිගනක සම්බන්ධ වීමේදී IP Address ලබාදීම සිදුවෙන්නෙ...(මෙහිදී ඔබේ ජාලයේ අනෙකුත් DHCP සේවර ක්‍රියාවිරහිත කිරීම නුවණට හුරුයි)

apt-get install dhcp3-server

ඊට පස්සෙ /etc/dhcp3/dhcpd.conf ගොනුවට පහත පේලි ටික අදාල පරිදි එකතු කරන්න(DHCP පලමු වතාවට භාවිතාකරන්නෙක් නම් මේ ටික විතරක් දැම්මනම් හරි)..ඔබේ ජාලයට අවශ්‍ය පරිදි වෙනස් කරන්න

ddns-update-style none; subnet 192.168.1.0 netmask 255.255.255.0
{
range 192.168.1.100 192.168.1.200;
filename "pxelinux.0";
}

ඉන්පසු DHCP සේවරය ක්‍රියාත්මක කරන්න....

sudo /etc/init.d/dhcp3-server restart

දැන් අපි TFTP සේවරයක් පිහිටුවා ගන්න ඕනි...TFTP කියන්නෙ FTP වගේම protocol එකක්..නමුත් මෙහිදී authentication එකක් සිදුවන්නෙ නෑ...(ඒ කියන්නෙ Username/Password ලබා දුන්නොත් පමණක් ගොනු වලට පිවිසීමක් කරන්න පහසුකමක් නෑ)

apt-get install tftpd-hpa

දැන් /var/lib/tftpboot/ ෆෝල්ඩරයට(නැත්නම් සාදා) මෙම ගොනු දමන්න...

1)http://archive.ubuntu.com/ubuntu/dists/intrepid/main/installer-i386/current/images/netboot/pxelinux.0 මගින් භාගත කරගත් pxelinux.0(මෙය බූට් ලෝඩරයකි)
2)http://www.sendspace.com/file/tit7gt මගින් භාගත කරගත් memdisk (කර්නලයකි)
මෙය http://syslinux.zytor.com/ ලිපිනයෙන් ද වෙනත් ගොනු ගණනාවක් සමගද භාගත හැක.
3)http://www.fdos.org/bootdisks/autogen/FDPRSZR.144.gz මෙම ගොනුව බාගත කර gunzip FDPRSZR.144.gz විධානය ලබාදී unzip කරගත් FDPRSZR.144 ගොනුව
4)මෙම ෆෝල්ඩරය තුල pxelinux.cfg ලෙස තවත් ෆෝල්ඩරයක් සදා එහි default ලෙස ගොනුවක් සාදා පහත පේලි ටික copy-paste කර save කරන්න.

DEFAULT net
PROMPT 0

LABEL net
KERNEL memdisk
APPEND initrd=FDPRSZR.144

දැන් /var/lib/tftpboot/ ෆෝල්ඩරයේ පහත ගොනු හා ෆෝල්ඩර තිබිය යුතුය...

FDPRSZR.144 memdisk pxelinux.0 pxelinux.cfg

මෙහිදී FDPRSZR.144 ගොනුව වෙනුවට ඕනෑම disk image බාවිත කිරීමට හැකි අතර default ගෙනුවේ අදාල වෙනස්කම කරන්න.
FDPRSZR.144 යනු FreeDOS Floppy Disk Image එකයි..

දැන් අනෙක් බූට් කර යුතු පරිගනකය වෙත් ගොස් BIOS වලදී 1st boot device=Network ලබාදෙන්න.
On Board network card එකක් ඇත්නම් Network boot rom=Enable ලෙස සකසන්න.

සියලු පියවරල් නිසි පරිදි සිදුකරේ නම් දැන් ඔබේ පරිගනකය පනගැන්වූ පසු FreeDOS Floppy Disk එකකින් බූට් කරන පරිදිම බූට් විය යුතුය....මේ ආකාරයට උබුන්ටු පිහිටුවන ආකාරය මීලග ලිපියකින් බලාපොරොත්තු වන්න...

9 comments:

ගයන්ත said...

මේක ජනේලෙ උඩ කරන විදිහත් කියපංකො :/

බුද්ධික said...

ඕක ජනේල උඩ කරන්න බැලුවා...ඒත් මහ අලයක් උනා...Tftpd32..කියන එකට settings දෙන්න...ඒත් මගේනම් පිස්සු කෙලියා...

Malaka Godagama said...

ela ela keep it up..!

පොතේ ගුරා said...

එළනෙ..අදයි මේ බ්ලොග් එක දැක්කෙ මට මතක විදියට..දැන් ඉතින් හැමදාම බලනව..

ශෙහාන් (CK) said...

මේකනම් එල!!! විශේෂයෙන්ම Laptops වලට!! අපිට ඉතින් පරන ලැප්ක් එහෙම සෙට් උනාම ගොඩදාන්ට, ගොඩක් වෙලාවට ඒකෙ CD Rom එකට කෙල වෙලානෙ තියෙන්නෙ!!

මට ඔහොම එකක් සෙට් වෙල මම වින්ද දුකක්!! ඒකෙ Hard එක ගහලවල IDE 2 USB converter එක හරහ මගෙ Desktop එකට හයි කරන් තමා DATA ටික back up කරල දුන්නෙ!! ඒකට තව software ටිකකුත් දාල ආයෙ ලැපට කරා!! ඒව ටික pen එකකට දාල දාන්ට තිබ්බ ලැප USB 1.0 නෙවේ නම්!! ඒ software වලින් තම අමාරුවෙන් එක ගොඩ දැම්මෙ!! Registry එක සුද්ද පවිත්‍ර කරල virus අයින් කොරල පොඩි Tune up එකක් දම්ම,
Windows fresh (හොර)copy එකක් දාගන්ට විදිහක් නැති නිසා!! :D

ඒ නිසා මේකෙ ජැනේල වලට ක්‍රමයක් තිබ්බනම් එල!! පරාලයක් දාල හරි කමක් නෑ! ;)

-බිன்ku- said...

ckගේ කතාව ඇත්ත තමා. කොහොම වුණත් මේ ක්‍රමේ print කරලා තියා ගන්න ඕනෑ හදිස්සියට ඕන වුනෝත් එහෙම!

Tharaka Weerasekara said...

මං හිතන්නේ LTSP system එක හුඟක් ලේසියි කියලයි. Ubuntu alternative installation CD එක බාගත්තනම් මේ ඔක්කොම ලේසියෙන් කරන්න පුළුවන්. LTSP ගැන මම දිග විස්තරයක් මගේ බ්ලොග් එකේ කලින් දැම්මා. පොඩ්ඩකට මගේ බ්ලොග් එකට ගොඩ වුනොත් විස්තර ගොඩක් දැනගන්න පුළුවන්.

බුද්ධික said...

මමත් LTSP භාවිතා කරල තියෙනවා..මම මේක ඕනි උනේ ඒ වගේ එකකට නෙවේ...මගේ නෙට් බුක් එකට Windows දාගන්න.... ;)

mahathun said...

ෂා,,,,.. මේක නම් එළ scene එක... try කරන්ඩම වටිනවා.... පස්සෙ වෙලාවක try කරලා බලන්න ඕන......
ඔබට බොහොම පින් නයෝ.....