Network එක හරහා වෙනත් පරිගනකයකට OS එකක් boot කරමු... ~ 1 කොටස

9 comments

අපි ගාව සමහර විට හාඩ් ඩිස්ක් එකක් නැති පරිගනකයක තියෙන්න පුලුවන්,නැත්නම් හාඩ් එකට OS එකක් දාගන්න CDROM එකක් නැති වෙන්න පුලුවන්...
නැත්නම් හදිසියේ හිස් CD එකක් නැතිවෙන්නත් පුලුවන්...
ඒ වගේ වෙලාවක කරන්න පුලුවන් හොදම විසදුම තමා network එක හරහා වෙනත් පරිගනකයකින් OS එකක් boot කිරීම හෝ install කරගැනීම

අද අපි ඕනෑම බූට් ඩ්ස්ක් එකක් මේ ආකාරයට බූට් කරන හැට් බලමු...වෙනත් ලිපියකින් අනෙක් මාතෘකා සාකච්ඡා කරන්නයි මගේ බලාපොරොත්තුව...

මම මේ සදහා සේවරය ලෙස භාවිතාකරන පරිගනකයේ පිහිටුවා තියෙන්නෙ Ubuntu 9.04, සෑම උබුන්ටු වෙලුමකදීම මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්.....වෙනත් ලිනක්ස් වෙලුම් සදහා මීට සමාන පියවර අනුගමනය කරන්න....

මුලින්ම අපිට DHCP සේවරයක් පිහිටුවාගන්න වෙනවා...මෙමගින් අනෙක් පරිගනක සම්බන්ධ වීමේදී IP Address ලබාදීම සිදුවෙන්නෙ...(මෙහිදී ඔබේ ජාලයේ අනෙකුත් DHCP සේවර ක්‍රියාවිරහිත කිරීම නුවණට හුරුයි)

apt-get install dhcp3-server

ඊට පස්සෙ /etc/dhcp3/dhcpd.conf ගොනුවට පහත පේලි ටික අදාල පරිදි එකතු කරන්න(DHCP පලමු වතාවට භාවිතාකරන්නෙක් නම් මේ ටික විතරක් දැම්මනම් හරි)..ඔබේ ජාලයට අවශ්‍ය පරිදි වෙනස් කරන්න

ddns-update-style none; subnet 192.168.1.0 netmask 255.255.255.0
{
range 192.168.1.100 192.168.1.200;
filename "pxelinux.0";
}

ඉන්පසු DHCP සේවරය ක්‍රියාත්මක කරන්න....

sudo /etc/init.d/dhcp3-server restart

දැන් අපි TFTP සේවරයක් පිහිටුවා ගන්න ඕනි...TFTP කියන්නෙ FTP වගේම protocol එකක්..නමුත් මෙහිදී authentication එකක් සිදුවන්නෙ නෑ...(ඒ කියන්නෙ Username/Password ලබා දුන්නොත් පමණක් ගොනු වලට පිවිසීමක් කරන්න පහසුකමක් නෑ)

apt-get install tftpd-hpa

දැන් /var/lib/tftpboot/ ෆෝල්ඩරයට(නැත්නම් සාදා) මෙම ගොනු දමන්න...

1)http://archive.ubuntu.com/ubuntu/dists/intrepid/main/installer-i386/current/images/netboot/pxelinux.0 මගින් භාගත කරගත් pxelinux.0(මෙය බූට් ලෝඩරයකි)
2)http://www.sendspace.com/file/tit7gt මගින් භාගත කරගත් memdisk (කර්නලයකි)
මෙය http://syslinux.zytor.com/ ලිපිනයෙන් ද වෙනත් ගොනු ගණනාවක් සමගද භාගත හැක.
3)http://www.fdos.org/bootdisks/autogen/FDPRSZR.144.gz මෙම ගොනුව බාගත කර gunzip FDPRSZR.144.gz විධානය ලබාදී unzip කරගත් FDPRSZR.144 ගොනුව
4)මෙම ෆෝල්ඩරය තුල pxelinux.cfg ලෙස තවත් ෆෝල්ඩරයක් සදා එහි default ලෙස ගොනුවක් සාදා පහත පේලි ටික copy-paste කර save කරන්න.

DEFAULT net
PROMPT 0

LABEL net
KERNEL memdisk
APPEND initrd=FDPRSZR.144

දැන් /var/lib/tftpboot/ ෆෝල්ඩරයේ පහත ගොනු හා ෆෝල්ඩර තිබිය යුතුය...

FDPRSZR.144 memdisk pxelinux.0 pxelinux.cfg

මෙහිදී FDPRSZR.144 ගොනුව වෙනුවට ඕනෑම disk image බාවිත කිරීමට හැකි අතර default ගෙනුවේ අදාල වෙනස්කම කරන්න.
FDPRSZR.144 යනු FreeDOS Floppy Disk Image එකයි..

දැන් අනෙක් බූට් කර යුතු පරිගනකය වෙත් ගොස් BIOS වලදී 1st boot device=Network ලබාදෙන්න.
On Board network card එකක් ඇත්නම් Network boot rom=Enable ලෙස සකසන්න.

සියලු පියවරල් නිසි පරිදි සිදුකරේ නම් දැන් ඔබේ පරිගනකය පනගැන්වූ පසු FreeDOS Floppy Disk එකකින් බූට් කරන පරිදිම බූට් විය යුතුය....මේ ආකාරයට උබුන්ටු පිහිටුවන ආකාරය මීලග ලිපියකින් බලාපොරොත්තු වන්න...

ජංගම දුරකතන සදහා Skype ...........

1 comments

අලුත් ආරංචියක් කියන්න තියෙනවා..අලුත් කිව්වට මේක පරණද දන්නෑ....

ජංගම දුරකතන සදහා Skype version එකක් එළි දක්වලා...මම කියන්නෙ J2me සදහාත්...
මම උත්සාහ කරල බැලුවා එකම අවුල PC2PC Calls ගන්න බැරි එක පරිගනකයේදී වගේ....මොනවා කරන්න ද දුක තමා..
gtalk වලින් ජංගම දුරකතන වලිනූත් PC2PC Calls ඇමතුම් ගන්න පුලුවන් (හැබැයි Symbian)....

ඒ සදහා මේක යොදාගන්න පුලුවන් ...



මෙතැනින් Skype භාගත කර ගන්න පුලුවනි...

වීඩියෝ mkv බවට පරිවර්තනය

0 comments

කවුරුත් දන්න media container එකක් තමා mkv කියන්නෙ.ඒ කියන්නෙ Matroska

විවිධ විඩියෝ ප්‍රභේද මේ බවට පරිවර්තනය කරන්න පුලුවන් හොද වැඩසටහනක් තමා AutoMKV කියන්නේ.මෙහි 0.98.4 වැනි නිකුතුව දැන් භාගත කර ගන්න පුලුවන්....


මෙය නොමිලේ ලබා දෙන වැඩසටනක් වීමත් සතුටට කරුණක්.....




Sony Ericsson K750 මස් කිරීම......

6 comments

මේ තියෙන්නෙ බාගෙට මස් කරපු Sony Ericsson K750 ජංගම දුරකතනයක්....
මීට අමතරව මෙය W800 Firmware එක දමා W800 බවට පත් කර තිබේ,,,
නමුත් K750 හි අගනා කැමර්‍රාව ඒ ආකාරයෙනම භාවිතා කිරීමට modded k750 camera driver එකක් දමා තිබේ.
මෙය මාගේ හා මගේ මිතුරෙකුගේ පරීක්ෂණයකි







ලිනක්ස් හා CDMA/GPRS/UTMS/HSPA වලින් අන්තර්ජාල භාවිතය

0 comments

මේ පිලිබදව පහත අඩවියෙන් දැනුම ලබා ගත හැක...(මා විසින් ලියන ලද ලිපියකි...)

http://komputare.blogspot.com/2009/04/cdmagprsutmshspa.html

පරිගණකයට දුරස්ථ පාලකයක්.....

7 comments

පරිගණකය ඕනෑම අධෝ රක්ත දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාකරවන එක හරිම පහසුයි .....විත්‍රපටියක් වගේ බලන කොට මේක ගොඩක් ප්‍රයෝජනවත්....ඕනෙ නම් මූසිකයේ පොයින්ටර් එක උනත් මේකෙන් එහෙමෙහෙ ගෙනියන්න පුලුවන්...ඉතාම පහසුවෙන් හදාගන්න පුලුවන් සීරියල් ඉන්ටෆේස් එකක් හදාගන්න ඔනි මුලින්ම මෙන්න මම ඒ කාලේ ගදපු එක....


මුලින්ම මෙන්න මේ පොඩි අධෝ රක්ත සීරියල් ඉන්ටෆේස් එක හදාගන්න ඕනි.... උපුටාගැනිම්:http://lnx.manoweb.com/lirc/?partType=section&partName=circuit
මට නම් ඕකෙ තියෙන TSOP1738 හොයාගන්න බැරිඋන නිසා පාවිච්චි කරේ HS0038..ඔය 38 කියන්නේ 38kHz සිග්නල් ප්‍රතිගහනය කරන්න පුලුවන් කියන එක.....මේ සඳහා බොහෝ අධෝ රක්ත ආදායක යොදගන්න පුලුවන්...
මේක හදාගන්න යන්නෙ රු100ක් වගේ සුලු මුදලක්..... ;) මෙය සමග බොහෝ පාලන වැඩසටහන් ඔයදාගන්න පුලුවන්... මේ සදාහ උදාහරණ ලෙස WinLIRC,Girder,PC Remote Control 4 දක්වන්න පුලුවන්
Media Player classic inbuilt සහායත් දක්වනවා පරිගනකයේ අනෙක් කටයුතු පාලනය සදහා PC Remote Control 4 වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නේ... ලිනක්ස් වලදී නම් LIRC යොදාගන්න පුලුවන්..

Winamp සදහා පාලක පුවරුවක්.....

2 comments

ඔන්න මගේ පලවැනි DIY(Do-it-yourself) ලිපිය සිංහලෙන්....





ඔන්න ගෙවල් වල තියෙන පරණ් පෙන්ටියම් 1 වගේ පරිගණක සුද්ධ කරලා ගන්න කාලේ.පරණ පරිගනකයක් MP3 ධාවකයක් ලෙස භාවිතා කරන්න කැමතිද?මේ සදහා අපිට මොනිටරයක් නැතුව උනත් පාලනය කරන්න ඕනනේ..
මේ සදහා සීරියල් පෝට් එක භාවිතයෙන් වැඩ කරන පොඩි ඉන්ටෆේස් එකක් හදාගන්න පුලුවන්

මේ සදහා පොඩි වැඩසටහනකුත් භාවිතා කරන්න වෙනවා:
එකේම තියෙනවා පරිපථය ගදාගන්න විදියත්;

භාගත කීරීම















මම හදපු හැටි;

මගේ මවි පුවරුවට සීරියල් පෝට් එකක් පාස්සලා නෑ...අතුලේ header එකක් තමා තියෙන්නේ..මම ඒනිසා කෙලින්ම එතැනට සම්භන්ධ කරන්න පුලුවන් වෙන්න කේබල් එකක් හදාගත්තා



ඊට පස්සේ පරණ සංහත් තැටි ධාවකයක් ඉදිරපස කොටස ගලවලා ගත්තා;එකේම තියෙනවනේ volume up/down,Play,Pause සහ LED එකක්;මේ වගේ එකක් වෙනුවට Ultra bright blue LED එකක් යොදාගත්තා නම් අලංකාරය තවත් වැඩි වෙයි;



ක්‍රියාත්මක වන අයුරු :