මම මේ බොහොම අමාරුවෙන් නෙට් බුක් එකට උබුන්ටු දාගත්තා...PXE Netboot එකක් කරලා...දාලා බැලින්නම් සමහර තැන් වල අකුරු කලු පාට කොටු කොටු වෙලා...මටත් හිතා ගන්න බැරිඋනා මොකක්ද අවුල කියලා;මොකද මේකේම WinXP වල කිසි අවුලක් නෑ...(Original ආවෙත් ඒක..තාම Original Sticker එක යස අගෙත තියෙනවා ;) )
මොනවා කරන්නද කියලා බල බල ඉද්දී ශාකුන්තල අයියා කීවා jauty-proposed repository එකෙන් යාවත්කාලීන කරන්න කියලා...ඒත් ඒක හරිගියේ නෑ..
පස්සේ මත නිකමට හිතුනා font rendering පොඩ්ඩක් අතපත ගාලා බලන්න කියලා..
System->Preferences->Appearance වල Fonts
ඒකේ Subpixal Smoothing(LCD) අයින් කරාම හරිගියා...ඔයාලගෙත් මේ ලෙඩේ තියෙනවනම් මෙහෙම කරලා බලන්න... :)
උබුන්ටු වල අකුරු තියෙන තැන් කලු වෙනවද?
Labels: Fonts, LCD, Linux, Ubuntu, උබුන්ටු, ලිනක්ස් 6 commentsPosted by බුද්ධික at 7:35 PM Links to this post
ඡායාරූප ගොඩක් එකපාර Resize කරමු.......
1 commentsඅපිට සමහර වෙලාවට ඡායාරූප ගොඩක් එකපාර Resize කරන්න වෙනවා..ඒ වෙලාවට GIMP,Photoshop වගේ වැඩසටහනක් යොදාගන්නවට වඩා ලේසියි මේ සදහාම සැකසුණු වැඩසටහනක් තියෙනවනම් :)
මේ සදහා භාවිතා කරන්න පුලුවන් වැඩසටහනක් තමා Fotosizer කියන්නෙ...
මෙතැනින් බාගන්න... http://www.fotosizer.com/
Posted by බුද්ධික at 9:53 AM Links to this post
ලිනක්ස් සදහා BlueSoleil
Labels: BlueSoleil, bluetooth, Linux, Ubuntu, ලිනක්ස් 0 commentsකට්ටියම දන්නවානේ BlueSoleil ගැන,ගොඩක් වෙලාවට වින්ඩෝස් වලදී bluetooth dongle පාවිච්චි කරන්න මේක තමයි යොදාගන්නේ...හරිම පහසු වැඩසටහනක්....ඒත් මගේ නම් තාම bluetooth PAN වැඩේ නම හරිගියේ නෑ...
දැන් ලිනක්ස් සදහාත් මේ වැඩසටහනේ අනුවාදනයක් එලිදක්වලා...ලිනක්ස් වල කොහොමත් bluetooth සදහා සහාය හොදයි නේ..මේ වැඩසටහන භාවිතයෙන් තවත් පහසුවෙන් වැඩකරගන්න පුලුවන්...
මෙන්න වැඩි විස්තර සහ භාගත කිරීමට:
Posted by බුද්ධික at 4:54 PM Links to this post